කටුනායකයින් පැය 15ක් ප්‍රමාද වී ඩුබායි බලා ගිය ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් හරවාගෙන ආපහු එයි
පැය 15 කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඩුබායි බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් කාර්මික දෝශයකට ලක් වීමෙන් යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත අද (08) දින උදෑසන ගොඩ බස්වා තිබේ . ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණේ ඊයේ (07) දින සවස 06.25 ටය . එහෙත් මෙම ගුවන් යානය පිටත්ව ගොස් තිබුණේ අද (08) උදෑසන 09.30 ටය .
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් පැය 01 යි විනාඩි 10 කට පසුව එනම් උදෑසන 10.40 ට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ .
ඒ වනවිට මෙම ගුවන් යානය ඉන්දියාව සමීපයට ගමන් කර තිබුණි .
මෙම ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ඉදිරිපිට ඇති වීදුරුව (Windscreen Crack ) ඉරිතැලීමකට ලක් වී ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේය .
එනිසා තවදුරටත් ඉදිරියට ගමන් නොකර ගුවන් නියමුවා , තම ගුවන් යානය ආපසු හරවා ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය තුළ මගීන් 189 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිට තිබේ .
මෙම ගුවන් ගමන වෙනත් ගුවන් යානයක් යොදවා අද (08) සවස කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බව ද ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය .