ColomboXnews

News | Gossip | Political | Entertainment

ArtNewsSlider

‘බැට්මෑන්’ ලංකාවට

ලොව ප්‍රකට බැට්මෑන් චරිතයට පණ පෙවූ ජනප්‍රිය හොලිවුඩ් නළු ක්‍රිස්ටියන් බේල් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔහු සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් ද තබා ඇති අතර ක්‍රිස්ටියන් බේල් ඔහු ගමන් කළ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමග ඡායාරූපයකට පෙනී සිටින අයුරු එහි දැක්වේ.

අප්‍රේල් 3 වන දින UL 115 දරන ගුවන් යානය වෙත ජනප්‍රිය නළුවෙකු වන ක්‍රිස්ටියන් බේල් පිළිගැනීමට ලැබීම ගැන සතුටට පත් වන බව ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය සටහනේ සඳහන් කර ඇත.

ඔහු සිය සංචාරය අතරතුරදී ගාලු කොටුවේ ද සංචාරයක නිරත වී ඇත. ඒ මීට දින 6ක පෙර ය.

Ifam Mansoor / Facebook