ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්දානන්දට වැඩ වරදියි..! ගඟ ඉහළ කෝරළයේ ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ අපේක්ෂකයා මහින්දානන්ද සිදුකල අසත්‍ය ප්‍රකාශයට රු. මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවයි (වීඩියෝ)

මාලිමාවෙන් මෙවර ගඟ ඉහළ කෝරළයේ ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයෙකු වන වසන්ත කුමාර ජයසිංහ විසින් පොහොට්ටු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සිදු කළ සාවද්‍ය ප්‍රකාශයකට එරෙහිව රුපියල් මිලියන 100ක් ඉල්ලා එන්තර්වාසියක් යොමු කර තිබේ.

පසුගිය දිනෙක මහින්දානන්ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ වසන්ත කුමාර ජයසිංහ මහතා මුල්‍ය වංචාවක් සම්බන්දයෙන් වසර දෙක හමාරක් සිරගතව සිටි බවයි. එවැනි සාවද්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්දයෙන් හා ඒ හරහා තමන්ගේ කීර්තිනාමට හානි කිරීම හේතුවෙන් ඒ සදහා වන්දි වශයෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා මෙසේ එන්තරවාසී යවා තිබේ.

නීතිඥ රංජිත් ප්‍රේමරත්න මගින් නිකුත් කර ඇති එම එන්තර්වාසියෙන් සඳහන් කරන්නේ පොහොට්ටු පමන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් කරන ලද අසත්‍ය සහ ද්වේෂ සහගත අපහාසාත්මක ප්‍රචාරය හේතුකොට ගෙන තම සේවාදායක අවමානයට සහ දැඩි චිත්ත පීඩාවකට පත් වී ඇති බැව්න් තම සේවාදායකට සිදු වී ඇති එකී මානසික පීඩාව අපහාසය අවමානය සහ අපකීර්තිය මුදලින් රුපියල් මිලියන සියයක මුදලකට තක්සේරු කරන බවය.