ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රියැදුරු හිඟය නිසා දුම්රිය ගමන් වාර 24ක් අවලංගු වෙයි

රියැදුරන් සහ රියැදුරු සහයකයින්ගේ පවතින පුරප්පාඩුව හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වන බව දුම්රිය ගමනා ගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ ඉඳිපොළගේ පවසයි.

සමාන්‍යාධිකාරීවරයා සඳහන් කර සිටියේ, අද (මාර්තු 6) දිනයේදී ප්‍රාදේශීය ගමන් වාර 24ක් පමණ අවලංගු වී ඇති බව ය.

දුර ගමන් සේවා දුම්රියක්, පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 6ක් ද මාතලේ, නුවර, නාවලපිටිය, ගල් ඔය, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු ප්‍රදේශීය දුම්රිය කිහිපයක් මෙලෙස අවලංගු වන බව ඔහු ප්‍රකාශ කළේ ය.

ඉඳිපොළගේ මහතා කියා සිටියේ, ධාවන බල උපදෙපාර්තමේන්තුවෙන් දුම්රිය ධාවනය සඳහා රියැදුරන් සහ රියැදුරු සහයකයින් ලබා දිය යුතු වන අතර එලෙස ලබා දීමට නොහැකි බවට දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව ය.

2023 වසරේදී 60 වයස අවුරුදු 60 සම්පූර්ණ වූ 5 දෙනෙකු විශ්‍රාම ගොස් ඇති බව ත් 2022 වසරේ දෙසැම්බර් 31 වන විට 9 දෙනෙකු විශ්‍රාම ගොස් ඇති බව ත් ඔහු සඳහන් කළේ ය.

“රියැදුරන්ගේ අඩුපාඩුව තියෙන්නේ දුර ගමන් දුම්රියවලට. වැඩි ම ජ්‍යෙයෂ්ඨ රියැදුරන්ගේ තමයි අඩුපාඩුව තියෙන්නේ. ඒ ගොල්ලෝ දුර ගමන් දුම්රියවලට තමයි යොදවල තියෙන්නේ දුර ගමන් දුම්රියවලට තමයි බලපෑම තියෙන්නේ. කාර්යාල දුම්රියවලට ඒකේ ලොකු බලපෑමක් නැහැ. සමහර දුම්රියන් නවත්තන්න වෙනවා. දුම්රිය ධාවනයේ යම් වෙනස්කමක් කරන්න වෙනවා සමහර තැන්වල නවත්තලා ධාවනය කරන්න වෙනවා. ඒ හින්දා යම් කිසි ප්‍රමාද වීමක් වෙන්න පුළුවන් කාර්යාල දුම්රියවල.” යනුවෙන් ඔහු වැඩිදුරට ත් පැවසීය.