ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

ආරච්චිකට්ටුව සමූපකාර ඡන්දයට ඉදිරිපත් වු සනත් නිශාන්තට අන්ත පරාජයක්..! සභිකයින් 09න් 06ක්ම ජාතික ජනබලවේගයට

ඊයේ (17) පැවති ආරච්චිකට්ටුව සමුපකාරයේ ඡන්ද විමසීමේ අවස්ථාවට කාරක සභික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ඉන් පරාජයට පත් ව තිබෙනවා.

ඔහු ආරච්චිකට්ටුව සමූපකාරයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයෙන් අංක 09 යටතේ ඡන්දයට ඉදිරිපත් ව ඇති අතර, එම ප්‍රාදේශිකයෙන් තෝරා ගනු ලබන කාරක සභිකයන් ප්‍රමාණය 09 ක්

එම 09 දෙනාගෙන් වැඩි ම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන සභිකයින් 06 දෙනෙකු ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ කාරක සභික අපේක්ෂකයන් 09 දෙනාගෙන් බව සඳහන්.

අනෙකුත් තිදෙනා තේරී පත් ව ඇත්තේ, පොහොට්ටු පක්ෂයෙන් වන අතර, එම තිදෙනා අතරට ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත තේරී පත්ව නැති අතර කාරක සභික අපේක්ෂකයන් 19 දෙනා අතරින් රාජ්‍ය ඇමති සනත් නිශාන්තට හිමි ව ඇත්තේ 11 වෙනි ස්ථානයයි.

මේ වන විට පැවැත්වෙන විවිධ සේවා සමූපකාර ඡන්ද ජාතික ජන බලවේගය කණ්ඩායම් විසින් ජයගැනීම හේතුවෙන් සී/ස ආරච්චිකට්ටුව විවිධසේවා සමූපකාර සමිතිය සඳහා තරග කිරීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඉදිරිපත්වී ඇති අතර ඔහුත් සමඟ ඔහුගේ සහෝදරයාවන කේ. ජගත් සමන්ත පෙරේරාද සමූපකාර ඡන්දයට ඉදිරිපත්වී විය.

සී/ස ආරච්චිකට්ටුව විවිධසේවා සමූපකාර සමිතියට අයත් අංක 01 දරන ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයේ සභික අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටින සහෝදරයන් දෙදෙනාගෙන් කේ. ජගත් සමන්ත පෙරේරාට හිමිව ඇත්තේ අනු අංක 03යි. ඔහුගේ සාමාජික අංකය වන්නේ 01/1615 යි. අනු අංක 09 යටතේ සාමාජික අංක 01/1616 යටතේ තරග කරන්නේ කේ. සනත් නිශාන්ත පෙරේරා යි.