ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටින්න නීතිපති බෑ කියයි

ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ ජීවන්ත ගුණසේකර   ගොනුකර ඇති පෙත්සම්වල වග උත්තරකරු හැටියට නම් කර සිටින බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්   වෙනුවෙන් පෙනී නොසිටින බව අද (13) නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පුද්ගලික නීතිඥවරයෙකු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම පෙත්සම එස්.තුරේරාජා, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධනගෙන්  සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.