ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සාරිය ගලවපු ගුරුවරියන්ට විනය පියවර..!

සාරිය හෝ  ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විනය පියවරක් ගත යුතු බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක ශාන්ත බණ්ඩාර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසුවේය‍.

මෙම පිරිස වෙනත් ඇඳුම් සහිතව පාසලට පැමිණියේ ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් නොකරන බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් පැහැදිලිව ප්‍රකාශ කර තිබියදී බව වැඩ බලන ඇමතිවරයා කීවේය.

ඒ ගැන අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.