යාල අවුල් කල අයට දුන් දඩුවම මෙන්න
යාල ජාතික වනෝද්‍යානය තුළ නොසැලකිලිමත් ලෙස ප්‍රීති ප්‍රමෝදයේ යෙදෙන පුද්ගලයන් සහ ඔවුන්ගේ වාහන අසාදු ලේඛනගත කර ඇති අතර, ඔවුන්ට වසර තුනක් යනතුරු ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළු විය නොහැකි බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
මීට පෙර එම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ නිලධාරීන්ගේ හා ට්‍රැකර්වරුන්ගේ වැඩ තහනම් කිරීමට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබුණා.
පසුගිය 23 වැනිදා ජීප් රථ තිස්පහකට ආසන්න සංඛ්‍යාවකින් ඇතුළු වී සතුන්ට බාධාවන අයුරින් නොමනා ලෙස හැසිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා.