තිලිණි ප්‍රියමාලිගේ මුදල් වංචාව මිලියන 4000 කට ආසන්නයි..! ආණ්ඩුවේ ඉහලම ප්‍රබලයින්ගේ රැකවරණයත් ලැබිලා..! (ඡායාරූප රැසක් මෙන්න)
මුදල් ආයෝජනය සමාගමක් මවා පාමින්, WTC, 34 වැනි මහලේ, කාර්යාලයක් පවත්වාගෙන ගිය කාන්තාවක් CID විසින් (5දා) අත්අඩංගුවට ගෙන ඇත. CID අත්අඩංගුවට පත්වූ කාන්තාවගේ නම , තිළිණි ප්‍රියමාලි වෙයි. ඇය WTC .කාර්යාලයේ කුලිය ලෙස මාසිකව ලක්ෂ 16ක් ගෙවා ඇත. සැකකාර කාන්තාව දේශපාලනඥයන්, නළු නිළියන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසකගෙන් මුදල් වංචාකර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
සැකකාර කාන්තාව ගිනි පසුගිය සමයේ රාජපක්ෂ පාලන සමඟ සමීප ගණුදෙනු කල නමගිය ආරක්ෂ සමාගමකින් අවි සහිත පෞද්ගලික ආරක්ෂකයන් තබා ගෙන අධි සුඛෝපභෝගි දිවිපෙවතක් ගතකර ඇති අතර රාජපක්ෂ පාලනය තුල මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට අවශ්‍ය රැකවරණය නොවඩුව ලැබී තිබේ. ආණ්ඩුවේ ඉහලම දේශපාලනඥයින් සමඟ සමීපව ගණුදෙනු පවත්වා ඇති මෙම යුවල එම සබදතා තම ව්‍යාපාර කටයුතු සදහාද යොදාගෙන තිබේ.
මෙම කූඨ ව්‍යාපාරය සදහා දේශපාලනඥයෙකු මෙන්ම නළුවෙකු වන ජීවන් කුමාරතුංග මහතාද සම්බන්ද වී ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් පවතී.
තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රකට වෛදවරයෙකු කළ පැමිණිල්ලක් පදනම් කරගනිමිණි. කෙසේ වුවද අත් අඩංගුවට ගන්නා විට මෙම කාන්තාවට එරෙහිව පැමිණිලි ගණනාවක් පොලිස් පොත්වල තිබී ඇති නමුත් ආණ්ඩුවේ ඉහලම අයගේ බලපෑම මත ඒවා සම්බන්දයෙන් නීතිය ක්‍රියාත්මක වී නොමැත. මෙම කාන්තාව, ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහලම තනතුරක් දරණ ප්‍රකට චරිතයක් සමග සමීප ඇසුරක් පවත්වා ඇති අතර ආරක්ෂක අංශ වල ඉහලම නිළධාරීන් ගණනාවක් සමග ඉතා කිට්ටුවෙන් වැඩ කොට ඇත . එම සම්බන්ධකම් භාවිතාකර, ඇයට එරෙහි පැමිණිලි ශූක්ෂමව යටපත් කොට ඇත.
දැනට හෙළිදරව් වී ඇති තොරතුරු වලට අනුව ඇය වංචා කොට ඇති මුදල මිලියන 4000කට ආසන්න බව හෙළිවී ඇත. වංචාවන්ට ලක්වූ පුද්ගලයන් අතර කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රබල දේශපාලනඥයන්, සුප්‍රසිද්ධ වෘත්තීකයන් ඇතුළු විශාල පිරිසක් වෙයි.
තවද මුදල් ලබා දුන් ප්‍රභූන් සමග ලිංගික සම්බන්ධතා පවත්වා, එම ජවනිකා උපයෝගි කරගනිමින් ප්‍රභූන් බ්ලැක් මේල් කොට ඇති බවද හෙළි වී ඇත.මේවා සම්බන්ධව සියළු සාක්ෂි අප වෙතද ලැබී ඇත
මෙම ජාවාරමට ඇයගේ සහකරු ලෙස පෙනී සිටින ඉසුරු ශම්මික බණ්ඩාර යන අයද සම්බන්ධ බව පරීක්ෂණ වලදි හෙළිවී ඇත. මොහු 2020 වසරෙදී වැලිගම පිහිටි මද්රසා පාසැලකින් කිසියම් සහතියයක් ලබා ගෙන ඇති අතර එය BAඋපාධියක් ලෙස වරනගා ඇත. ඊනියා උපාධි කඩය CCAS Campus, 217 Koledanda Rd, Weligama නම් වෙයි. ඉන් පසු 2021 වසරේ සිට, ආචාර්ය උපාධිධාරියෙකු ලෙස පෙනී සිටියි.
මෙම යුවල එක් රැයකින් ප්රකෝටිපතියන් බවට පත්වූ අය වෙයි. නමුත් මුදල් විශුෂ්ධිකරණය යටතේ නීතිය ක්‍රියාත්මක වූයේ නැත.තවද පොලිසිය භාර අමාතංශය විසින් කොළඹ ප්‍රදේශයේ මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේ උත්සව සදහා මෙම තක්කඩි කාන්තාව ප්‍රධාන ආරධිතයෙකු ලෙස ගෙන්වා ඇත.මෙවැනි සිදුවීම හරහා ලංකාවේ විමර්ශන ආයතන මොන තරම් අකාර්ෂක්ෂමද යන්න පැහැදිලි කරයි
මෙම කාන්තාව ආරක්ෂාව භාර ඉහලම පුද්ගලයෙකු සමහ අනියම් සම්බන්ධයක් පවත්වා ඇති බවත් විමර්ෂණ යට ගැසීම සදහා එම පුද්ගලයා හරහා මේ වනවිටත් විවිධ බලපෑම් එල්ල වෙමින් පවතින බවත් තොරතුරු දුන් පුද්ගලයා අප සමග පැවසුවේය










