“කතා කරනකොට කියන්නෙ මගේ අත් පිරිසිදුයි… මම දූෂණයට වංචාවට එරෙහියි කියලා..“ – මධ්‍යම සංස්කෘතික අරමුදල කුඩු කළ සජිත්ට එරෙහිව පුරාවස්තු සුරැකීමේ සංවිධානය සී.අයි.ඩී යයි
පසුගිය යහපාලන රජය කාලය තුළ සජිත් පේමදාස මහතා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදල අනුබද්ධ ආයතනයන්හි සිදුකර ඇති විගණනයෙන් හෙළි වී තිබෙන දූෂණ වංචා සහ මුදල් අවභාවිතයන් සම්බන්ධව පුලුල් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් පුරාවස්තු සුරැකීමේ සංවිධානය ඊයේ (04) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේය.
මේ පිළිබඳව විමර්ශනයක් සිදුකර පොදු ජනතාවගේ දේපල අවභාවිතා වීම වැළැක්වීම සඳහා නීතිමය වශයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග ගෙන මෙම අකටයුතු කළ දේශපාලන අධිකාරියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස එම පැමිණිල්ල ගොනුකරමින් පුරාවස්තු සුරැකීමේ සංවිධානය ඉල්ලා ඇත.
පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතා අදහස් දැක්වූ පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ මෙසේ ද පැවසූහ.

“ මධ්‍යම සංස්කෘතික අරමුදල ගොඩනගන්නේ මේ රටේ උරුම සංරක්ෂණ කාර්යය වෙනුවෙන්. ඒ ශාස්ත්‍රීය කටයුත්ත විශාල පිරිවැයක් දරා කළ යුතු එකක්. පුරාවිද්‍යාත්මක කැණීම් සංරක්ෂණ හා නඩත්තු කටයුතු ජාතිය වෙනුවෙන් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිමත් ආර්ථික පදනම තමයි මධ්‍යම සංස්කෘතික අරමුදලින් හැදුවේ. “
“ඒ අරමුදල යහපාලන ආණ්ඩුවෙ ඇමතිවරයෙක් වු සජිත් පේමදාස මහතා අවභාවිතා කළා. ඒ අයගෙ ව්‍යාපෘති සඳහා ආගමික සිද්ධස්ථානවෙත බෙදා දුන්නා. අඩුම ගානෙ මේ සල්ලිවලට වෙච්චි දේ ගැන පසුවිපරමක් කළේ නැ. අද මධ්‍යම සංස්කෘතික අරමුදල බංකොලොත් වෙන තැනට වැටුනෙ ඒ අපරාධයෙන් පස්සේ.“
“. කතා කරනකොට කියන්නෙ මගේ අත් පිරිසිදුයි… මම දූෂණයට වංචාවට එරෙහියි… කියලා. ඒත් දූෂණයෙන් අවභාවිතයෙන් තොරව තමන් යටතේ තිබුණ ජාතික අරමුදලක් පරිහරණය කරන්න බැරි දේශපාලකයින් මේ අය. ඔවුන්ට එරෙහිව මේ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි..,“ උඩස්ගිරියේ සමිත හිමියෝ කීහ.