ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජනාධිපති ලේකම් කාර්‍යාලය එජාප හිතවතුන්ගෙන් පුරවයි..! සමන් රත්නප්‍රිය ගේ පුතාටත් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ තනතුරක්..!

දින හයකට පාර්ලලිමේන්තු මන්ත්‍රිවරයෙකු වී කෝටි ගණනක වාහනයක් මහජන මුදලින් ලබාගත් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු වූ  සමන් රත්නප්‍රියගේ වයස අවුරුදු 18ක් වන පුත්‍රයාට ජනාධිපති ලේකම් කාර්‍යාලයේ කළමනාකරණ සහකාර තනතුරක් පිරිනමා ඇති බව මේ වනවිට වාර්තාවේ.

කුසල් මියුරංග නම් සමන් රත්නප්‍රිය ගේ පුතාට ජනාධිපති ලේකම් කාර්‍යාලයේ කළමනාකරණ සහකාර තනතුරක් ලබා දී තිබෙන්නේ කළමණාකරන කේෂත්‍රෙය් කිසිදු වෘත්තීමය සුදුසුකමක් ඔහුට නොමැති තත්ත්වයක් තුල බවද හෙළිදරව් වී තිබේ.

සමන් රත්නප්‍රිය යනු රාජපක්ෂ පාලනය පවතින විට දැඩි ආණ්ඩු විරෝධියෙකු ලෙස පෙනී සිටින වෘත්තීය සමිති කේෂ්ත්‍රෙය් කටයුතු කරන අයෙකු වන අතර පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අවසාන සතිය තුල දින හයකට එජාප ජාතික ලැස්තුවෙන් පාර්ලීමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්විය.

දින හයකට මන්ත්‍රිවයෙකු ලෙස තේරී පත් වු සමන් රත්නප්‍රීය එම දින හය තුලදී මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින්  තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාගෙන ඉන් ඇමෙරිකානු ඩොලර් 65,000ක් වටිනා සුඛෝපභෝගී වාහනයක් තමන් නමට ආනයනය කරන ලදි.

රටේ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති වටපිටාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ධුරය හා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා විශාල ලෙස එජාප හිතවාදීන්ට රැකියා සහ උපදේශක තනතුරු ලබාදෙමින් සිටී. ජනාධිපති මාධ්‍ය ඒකකයට පමණක් විවිධ වගකීම් යටතේ විස්කට වැඩි ලේකම්වරු ප්‍රමාණයක් මේ වනවිට පත්කරගෙන තිබේ. ඊට අමතරව පරාජිත දේශපාලනඥයින් සදහා විවිධ කේෂත්‍ර නම් කරමින් උපදේශක තනතුරුද පිරිනමා ඇත.

මෙම සියලු තනතුරු සදහා රුපියල් 80,000ක පමණ වැටුපක් නිල වාහනයක් සහ ඉන්ධන දීමනා ඇතුළු තවත් වරත් වරප්‍රසාද රැසක් ඔවුන්ට හිමිවේ.

සමන් රත්නප්‍රිය සිය පුත්‍රයා කුසල් මියුරංග , දියණිය සහ බිරිඳ සමඟ