ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අධිආරක්ෂිත කලාප නම් කිරීම නීතිවිරෝධීයි.. වහාම ගැසට් එක හකුලා ගන්න… මානව හිමිකම් කොමිසම ආණ්ඩුවට දැනුම් දෙයි

අධි ආරක්ෂිත කලාප නම් කිරීම නීතිවිරෝධී බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීරණය කර තිබෙනවා ඒ අනුව මානව හිමිකම් කොමිසම ආණ්ඩුව වෙත දැනුම් දී තිබෙන්නේ අධිආරක්ෂිත කලාප නම් කරමින් නිකුත් කළ අංක 2298/53 දරන ගැසට් පත්‍රය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අධිආරක්ෂිත කලාප නම් කිරීම සඳහා රාජ්‍ය රහස් පනත යොදාගත නොහැකි බවයි. එම පනත යොදා ගනිමින් අධිආරක්ෂිත කලාප නම් කිරීම රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් ලෙස කොමිසම හඳුන්වනවා.