රනිල්ගේ මොළේ ගැන විජිතගෙන් විග්‍රහයක්
රනිල්ගේ අතුරු අයවැයෙන් ආරක්ෂක වියදමට 11.4%ක් වෙන් කරන විට කෘෂිකර්මයට ධීවර හා සංචාරක ක්ෂේත්‍ර තුනට ම වෙන් කර ඇත්තේ 4.89%ක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් චෝදනා කරයි.
ඔහු පැවසුවේ ආර්ථික අර්බුදය ගෙළ මුලට සිරවී ඇති රටක මොළේ ඇති සංවේදී ජනාධිපතිවරයෙකු මෙවැනි සටකපට වැඩක් කිසිසේත් ම නොකරන බව ය.
විශේෂයෙන් ම, රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව මුල්තැන දිය යුත්තේ කෘෂිකර්මයට, ධීවර හා සංචාරක යන ක්ෂේත්රවලට බැවින් ආරක්ෂක අංශයට මෙපමණ මුදලක් වෙන් කරන්නේ ආර්ථිකය සැදීමට නොව දේශපාලන ලොක්කන් ආරක්ෂා කරගනිමින් මර්දනය තවදුරට ත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ගැනීමට බව මන්ත්‍රීවරයා පැවසීය.
රටේ ත්රස්තවාදයක් නොමැති මොහොතක කඳුළු ගෑස්, වෙඩි උණ්ඩ, ජල ප්‍රහාරක රථ වැනි දේවල් සඳහා වැඩි වියදමක් දැරීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ද විජිත හේරත් පැවසීය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන් ම, රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපති ද ගමන් කරන්නේ එකම මාර්ගයේ වන අතර මෙය රටකට කිසිසේත් ම හිතකර නොවන බව ද ඔහු පැවසීය.
විශේෂයෙන් ම භාණ්ඩ හා සේවා සඳහා වැඩි අවධානයක් යොමු කළහොත් පමණක් රටක ආර්ථිකය ශක්තිමත් කරගත හැකිවනු ඇති බව පැවසූ ඒ මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ආර්ථිකය ගොඩගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට කිසිදු වුවමනාවක් හෝ සැලකිල්ලක් මෙතෙක් ඇඟට හෝ මොළයට දැනී නැති බව ය.
(ඉරිදා මව්බිම)