ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderSports

රටේ ක්‍රීඩා ඉතිහාසය වෙනස් කළ නෙත්මි අහිංසා දිවයිනට පැමිණේ

ලාංකේය මල්ලවපොර ඉතිහාසය වෙනස් කරමින්  පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පදක්කමක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකා නෙත්මි අහිංසා පෝරුතොට අද අළුයම  දිවයිනට පැමිණියාය.

කිලෝ ග්රැම් 57 බර පංතිය යටතේ තරග වැදුන 18 හැවිරිදි පාසල් සිසුවියක් වූ අහිංසා එම ඉසව්වේ  ලෝකඩ පදක්කම දිනාගත්තාය. එය ලංකා මල්ලවපොර ඉතිහාසයේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක පදක්කමක් දිනාගත් පළමු අවස්ථාවය.

ඇය  අද  දින අලුයම 03.50 ට අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය .

නෙත්මි දෙමව්පියන් සහ නැගනිය සමග

ඇය කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ  පිළිගැනීමකට ලක් කර තිබිණි.

එම අවස්ථාවට ඇයගේ පියා , මව , නැගණිය ඇතුළු කණ්ඩායමක් ද ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය     ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු  පිරිසක් පැමිණ සිටියහ.