ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විමල් වීරවංශ ආණ්ඩුවට එක්වන බව මට දැන්වුවා.. – ජනපති රනිල් කියයි

ඉදිරියේදි ගොඩනැගීමට නියමිත සරිව පාක්ෂික ආණ්ඩුව සදහා එක්වීමට විමල් වීරවංශ මහතා ප්‍රඹුඛ කණ්ඩායම කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම ඉතා අසීරු කටයුත්තක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එනිසා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ එකතු වී වැඩ කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව ද හෙතෙම කියා සිටියේය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් යන වචනයට අකමැති නම් තමන් ඒ වචනය ඉවත් කර සර්ව පාක්ෂික පාලනයක් ඇති කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

මෙම පාලනය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ කොංග්‍රසය නොපැමිණෙන බව තමන්ට දැනුම් දී ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති මන්දිරයේ දී සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙසේ අදහස් පල කරන ලදී.