ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘‘ගෝඨාභය දේශපාලන රැකවරණ ඉල්ලා නෑ‘‘ – සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය

පුද්ගලික සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට   ඇතුළු වීමට ඉඩ  දුන් බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පැමිණි සෞදියා ගුවන් සේවයට අයත්  ගුවන් යානයකින් සිංගප්පූරුවේ චන්ගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සිංගප්පූරු වේලාවෙන් පස්වරු 7.17ට ගොඩබෑ බව සිංගප්පූරු මාධ්‍ය වාර්තා කළේය.

සිංගප්පූරුවට පැමිණීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඉල්ලා අස්වීම ලබා දී ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් සිංගප්පූරු මාධ්‍ය ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා නැති බවත් සිංගප්පූරුව,දේශපාලන රැකවරණ පිළිබඳ ඉල්ලීම් සලකා නොබලන බවත් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.