ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පොලිස් ප්‍රධානියෙක් විශ්‍රාම ගිය තම පුද්ගලික සහකාරවරයා  නිල ඇඳුමින් සේවයේ යොදවලා

පොලිස් ප්‍රධානියෙකුගේ පුද්ගලික සහකාර ලෙස සේවය කරමින් සිටින විශ්‍රාමික පොලිස් අධිකාරීවරයෙක් පොලිස්පතිවරයාගේ බලය ඉක්මවා ඔහුගේ අනුමැතියකින් තොරව නිල ඇඳුමින් සේවයේ යොදවා ඇති බව කියන සිද්ධියක් පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම පොලිස් අධිකාරීවරයා 2021. 12. 22 දා වයස 60 සම්පූර්ණ වී විශ්‍රාම ගිය නිලධාරියෙකි.   රාජ්‍ය සේවයේ වයස අවුරුදු 65 දක්වා සේවයේ යෙදවීමට අදාලව වර්ෂ 2022.01.06 දින නිකුත්කළල චක්‍ර ලේඛය ප්‍රකාරව රාජ්‍ය සේවයේ අනිවාර්ය නිවාඩු ගන්වන වයස    අවුරුදු 65 තෙක් දීර්ඝ කිරීමේ  අවස්ථාවෙන් ඔහු මග හැරී ගොස් තිබිණි.

එහෙත් මෙම පොලිස් ප්‍රධානියා කෙසේ හෝ මෙම පොලිස් අධිකාරීවරයා අවුරුදු 65 තෙක් සේවා දිගුවක් ලබා ගැනීමේ අභිලාෂය සහිතව සියලුම බලය පාවිච්චි කරමින් තාවකාලිකව මාස 06ක් සදහා සේවා දිගුවක් ලබාගෙන ඇත.

එහෙත්  තව වසර 05ක් සඳහා සේවයේ පිහිටුවීමට කළ ඉල්ලීම පොලිස්පති සලකා බලා නැත. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි වෙත එවැනි සේවා දිගුවක් ලබා දීමට කළ ඉල්ලීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමය

මේ අනුව මෙම පොලිස්  අධිකාරීවරයාගේ දීර්ඝ කළ මාස 06ක සේවා දිගුව පසුගිය 21 වැනිදායින්නිමා වී ඇත.

එහෙත් පොලිස්පතිවරයාගේ නිර්දේශ නොලැබ, ඔහුගේ අනුමැතියකින් තොරව ඉහත පොලිස් ප්‍රධානියා විසින් විශ්‍රාම ගිය මෙම පොලිස් අධිකාරීවරයා නිල ඇඳුමින් සේවයේ යොදවා ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.