ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අගමැති විපක්ෂයේ ද ආණ්ඩු පක්ෂයේ ද?: කොයි පැත්තේ ද කියා රනිල්වත් දන්නෙ නෑ ලු

තමන් තනි පක්ෂයක අගමැති යනුවෙන් සියලු දෙනා ප්‍රකාශ කළ ද තමන් කිසිදු පක්ෂයක රැස්වීමට සහභා වී නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (මැයි 17) පාර්ලිමේන්තුවේ සභාව අමතමින් ඔහු සඳහන් කළේ, “මං තාමත් අර පාලමෙන් පටන් අරගෙන කොයි පැත්තෙ ද ඉන්නේ කියලා දන්නෙවත් නැහැ,” යනුවෙනි.

නියෝජ්‍ය කතානායක ධුරය සම්බන්ධයෙන් පක්ෂවල පැවත් වූ රැස්වීම්වලට තමන් සහභාගී නොවූ බව ත් අද නව නියෝජ්‍ය කතානායකවරයා පත් කිරීම සම්බන්ධයෙන් තමන්ට දොස් නොකියන ලෙස ත් ඔහු මෙහිදී පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරට ත් අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේ සඳහන් කළේ ය.

“පළවැනි සැරේ නියෝජ්‍ය කතානායක තේරිමේදී මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ. මං එවෙලේ පොරොන්දු වෙලා තිබුණා රංජිත් සියඹලාපිටියට ඡන්දෙ දෙනවා කියලා. එතනදී වුණ අවුල ඊට පස්සේ විපක්ෂ නායක සහ සුසිල් ප්‍රේමජයන්ත මෙතනදී කතා කරද්දී හෙළි වුණා.

මේකට ත් මම සම්බන්ධ වුණේ නැහැ. ඒකට ඔබ තුමා මට කතා කරේ නැහැ. සාකච්ඡාවටවත්. එහෙම වුණොත් මම එතන්ට ඇවිල්ලා කියනවා එක්කෙනෙක් තෝර ගන්න කියලා. මම ත් කැමතියි කාන්තාවක් තෝරගන්නවට.

ඒකට මට දොස් කියන්න එපා. මම ඒ එකකටවත් හිටියේ නැහැ. ඔක්කොමලා කියන්නේ මම තනි පක්ෂයේ අගමැති කියලා ඉතින් විපක්ෂයට ත් සහභාගී වෙන්න බැහැ ආණ්ඩු පක්ෂයේ රැස්වීම්වලට මම සහභාගී වෙලා නැහැ. මං තාමත් අර පාලමෙන් පටන් අරගෙන කොයි පැත්තෙ ද ඉන්නේ කියලා දන්නෙවත් නැහැ.”