ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අලි සබ්‍රි කිසිම ඇමැතිකමක් එපා කියයි

නව රජයේ කිසිදු අමාත්‍ය ධූරයක් බාර නොගැනීමට අලි සබ්‍රි මහතා තීරණය කොට ඇත. පවුලේ සියලු දෙනාගේ ඉල්ලීමක් අනුව ඒ මහතා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ බව සබ්‍රි මහතා විසින් දැනටමත් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවද වාර්තා වේ.

මේ අතර ඊයේ(14) ජනාධිපති මන්දිරයේ පැවති පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවේදී ද ජනාධිපතිවරයා මුදල් ඇමතිධුරය බාරගන්නා ලෙස අලි සබ්‍රී මහතාගෙන් ඉල්ලා සිටි අතර එහිදීද ඔහු පවසා ඇත්තේ තම දරුවන්ට නිදහසේ ඉගෙන ගැනීමට අවශ්‍ය බවත්, ඔවුන්ට පාසැල් යාමට අවශ්‍ය බවත් එම නිසා ඉදිරියේදී කිසිදු අමාත්‍ය ධුරයක් බාරගැනීමට තමන් සුදානම් නොමැති බවයි.