අම්මගෙ සොහොන බේරගන්න බැරි ගෝඨා රට ආරක්ෂා කරයි ද.? ජනාධිපතිට පවුලෙන්ම දැඩි ප්රහාරයක්..! උදයංග වීරතුංග සියල්ල හෙළිකරයි (වීඩියෝ)
පසුගිය කාලය පුරාවට රටතුල සිදුවීම් මෙන්ම අප්රේල් 09 දින සිදුවීම් සම්බන්දයෙන් අදහස් ප්රකාශ කරමින් රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට දැඩි විවේචනයක් එල්ල කර තිබේ. උදයංග වීරතුංග යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුංචි අම්මාගේ පුතෙකි.
ජනාධිපතිවරයා තනි මතයට වැඩ කරන බවත් රාජපක්ෂ පවුලේ අයගේ පවා අදහස් වලට ඇහුන්කන් නොදෙන බවද ඔහු පවසයි.
තමන්ගේ මවගේ සොහොන මෙන්ම පියාගේ පිලිරුව ආරක්ෂා කරගැනීමට නොහැකි පුද්ගලයෙක් රටට ආරක්ෂා ලබාදෙන්නේ කෙසේදැයි උදයංග වීරතුංග මහතා මෙහිදී ප්රශ්ණ කරයි.
එමෙන්ම මිග් යානා ගණුදෙනුව එළියට ආවොත් ඉන් තමාට වඩා ජනාධිපති ගෝඨාභයට ප්රශ්ණ ඇතිවෙන බවත් තමාට මේවා හෙළිදරව් කිරීම නිසා සුදු වෑන් එකකින් යන්නට ඉඩ තිබෙන බවද ඔහු පවසයි.
වියත්මග සංවිධානයටද ඔහු මෙහිදී දැඩි විවේචනයක් එල්ල කරයි. සිය ෆේස්බුක් ගිණුම හරහාද මේ වනවිට උදයංග වීරතුංග ජනාධිපතිවරයාට දැඩි ප්රහාරයක් එල්ලකරමින් සිටී.