ColomboXnews

News | Gossip | Political | Entertainment

MythNews

නියෝජ්‍ය කථානායක ධූරයට නම් දෙකක්

නියෝජ්‍ය කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ගේ නම යෝජනා කිරීම සඳහා ඡන්ද විමසීමක් පවත් වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

නියෝජ්‍ය කතානායක සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් යෝජනා කළ අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා එම යෝජනාව ස්ථිර කළේය.

රංජිත් සියඹලාපිටිය මහතාගේ අපේක්ෂකත්වයට ආණ්ඩු පක්ෂයේ සම්පූර්ණ සහාය තිබෙන බව ජී.එල් පීරිස් මහතා පැවසීය.

සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ නම රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් යෝජනා කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව ස්ථිර කළේය.