ColomboXnews

News | Gossip | Political | Entertainment

ArtNewsSlider

බඩගින්නට එරෙහිවෙන මිනිස්සු අන්තවාදීන් නොවෙයි… මර්ධනයට එරෙහිව මගේ වේදිකාව භාවිත කරනවා – උමාරියා

මේ නැගෙන්නේ බඩගින්නේ සිටින කලකිරුණු මිනිසුන්ගේ හඬ මිසක් අන්තාවාදීන්ගේ හඬ නොවන බවත්, ඒ යථාර්ථය පැහැදිලි කිරීමට තමන්ගේ වේදිකාව භාවිතා කරන බවත් ප්‍රවීන ‍යෞවන ගායිකා උමාරියා සිංහවංශ සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් කියා සිටියි.

එකට එකතු වීමකින්  තොරව මේ සටහන ජය ගත නොහැකි බව ඇය එම සටහනේ දක්වා ඇත.

ඇය තැබූ සංවේදී වූත් යාථාර්ථවාදී වූත් සටහන පහත දැක්වේ.

ඊයේ පෙරේදා වැඩ වලට පිට රට ආවා… හැබැයි හිත ලංකාවේ… සිංදු කිව්වත් හරි මනසක නෙවේ අපිත් ඉන්නේ. දැන් මාස ගානක් තිස්සේ අපිත් කලකිරිලාලංකාවේ අසරණ මිනිස්සු කන්න නැතුව, light නැතුවතමනගේ දරුවන්ට කිරි දෙන්නවත් විදියක් නැතුව පාරේ ගානේ රස්තියාදු වෙනවා තමන්ගේ පවුල් රකින්න. මේවා හරිද!?

අපේ වගේ සම්පත්සංස්කෘතියභූ දර්ශනඉතිහාසයආගන්තුක සත්කාරයආහාර වලින් පොහොසත් රටක් වෙන කොහෙද..?

මේ රටේ මිනිස්සු ගොඩක් දුක් විඳලා තියනවා! අපි එකට එකතු වුණොත් මිසක් අපි කවදාවත් මේකෙන් එලියට එන්නේ නැහැ. හැමදාම නිදහසට කාරණා අහන් ඉන්න පුළුවන්ද?!

මේවා සාමකාමී විරෝධතා මිස විනාශයක් ඇති කිරීමට උත්සාහ කරන අන්තවාදී කණ්ඩායම් නොවන බව පැහැදිලි කිරීමට මම මගේ වේදිකාව භාවිතා කරමි!

මේවා මේ රටේ අසරණ බඩගින්නේ සිටින කලකිරුණු මිනිසුන්ගේ හඬයි. මේවා අපේ අයිතිවාසිකම්.

ශ්‍රී ලංකිකයින් වශයෙන් අපි සෑහෙන්න දුක් වින්දා!

දැන් ඇති. රට බේර ගමු!