ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්දගේ ඡන්ද බලප්‍රෙද්ශය වු කුරුණෑගල කුලියාපිටියේ සමූපකාර ඡන්දයෙනුත් පොහොට්ටුවට අන්ත පරාජයක්..! සභිකයින් 97න් 65ක් ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායමට..! පරාජයෙන් වියරු වැටුනු පොහොට්ටු මන්ත්‍රී යකා නටයි (වීඩියෝ)

කුලියාපිටිය හොරොම්බාව විවිධ සේවා සමූපකාර සමිතියේ ඡන්ද විමසීමේදී මෙතෙක් එහි බලය හෙබවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දරුණු පරාජයකට ලක්ව තිබේ. කුලියාපිටිය හොරොම්බාව විවිධ සේවා සමූපකාර සමිතියට සභිකයින් 92 දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පෙරේදා (26) දිනයේදී පවත්වා තිබිණි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දිනා ගැනීමට හැකිවී ඇත්තේ සභික ධුර 27ක් පමණක් වන අතර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ පොදු විපක්ෂ කණ්ඩායම සභික ධුර 65ක් දිනා ගැනීමට සමත් වී ඇත.

පසුගිය සමය තුළ පැවැත්වුණු සමූපකාර ඡන්ද විමසීම් ගණනාවකදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ ආකාරයෙන් පරාජයන්ට මුහුණ පෑමට සිදුව තිබුණු අතර පසුගිය වසර අගභාගයේ පැවති පළාත් පාලන ආයතනවල අයවැය ඡන්ද විමසීම් රැසකදී ද ඔවුන්ට පරාජය වීමට සිදුවිය. මේ අනුව මෙම නිලවරණයෙන් තුනෙක් දෙකක බලයක් ජවිපෙ ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායමට හිමිවී තිබේ.

මෙම පරාජයෙන් වියරු වැටුනු කුරුණෑගල දිස්ත්‍රීක් පොදුජන පෙරමුණු මන්ත්‍රී සමන්ප්‍රීය හේරත් ඔහුගේ ආරක්ෂකයින් සහ මැරයින් සමග පැමිණ එක් ඡන්ද මධ්‍යස්ථානයක් අසල සිටි පිරිසකට පහරදී තිබේ. එහිදී තුවාල ලැබු පිරිසක් මේවනවිට කුලියාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබයි.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය දැඩි ලෙස හීනවීම මීට බලපා ඇති බව සඳහන්.