බැසිල් ඉන්දීය ණය ගන්න කොන්දේසි නැතැයි කීවාට ඉන්දියාව සමග අවදානම් ගිවිසුම් 3ක් ගහලා
පසුගියදා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් විශාල ණය ආධාර මුදල් ලබාගෙන ලංකාවට පැමිණියේ කිසිම කොන්දේසියකට යටත් නොවී ඒවා ලබාගත් බව පවසමිනි. නමුත් ඊයේ අනාවරණය කෙරුනේ කැබිනට් මණ්ඩලය පවා දැනුවත් නොකර ඉන්දියාව සමග ගිවිසුම් ගසාගෙන මෙම ණය මුදල් ලබාගත් බවයි.
මෙරට ආරක්ෂාවට, ධීවර කටයුතුවලට සහ ඩිජිටල් අනන්‍යතාවට අදාළව ඉන්දියාව සමග සුවිශේෂී ගිවිසුම් 03කට අත්සන් කර ඇති බවත් කැබිනට්ටුවට පසුව ඒවා ඉදිරිපත් කර අනුමැතිය ලබාදී ඇති බවත් වාර්තා මෙලෙස අනුමැතිය ලැබී ඇත්තේ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය පහසුකම් ලබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ ධීවර වරාය සංවර්ධනය කිරීම යන ක්ෂේත්රවලට අදාළ ගිවිසුම් 03ක් වෙනුවෙනි. මේ අතුරින් පළමු ගිවිසුම් 02 ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 306ක(රුපියල් කෝටි 8721ක් පමණ) ප්‍රදානයක් ලබාදීමට ද නියමිතය.
මෙම ගිවිසුම් අතර සමුද්‍රීය මුදවා ගැනීම් සම්බන්ධිකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා වන ගිවිසුම හරහා මෙරට ආරක්ෂාව සම්බන්ධ සම්පූර්ණ අයිතිය ඉන්දියාව සතු වන අතර
ගිවිසුමට අනුව එම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට සූදානම් වන්නේ මෙරට නාවික හමුදා මූලස්ථානයේ වන අතර එහි තවත් අනු ආයතනයක් හම්බන්තොට ස්ථාපිත කිරීමට සූදානමක් ඇති බව ද තොරතුරු අනාවරණය වේ. එමෙන්ම මෙරට ජනතාවගේ ජීව දත්ත ලබා ගැනීමේ අයිතිය ඉන්දියාවට ලබා දීම සඳහා වන ගිවිසුමකට ද අත්සන් කිරීම සඳහා කැමැත්ත පළ කර ඇති අතර ඩ්‍රෝන යානා සඳහා මෙරට ගුවන ඉන්දියාවට විකුණා දැමීම සඳහා වන ගිවිසුමකටද අත්සන් කර තිබෙන බවටද තොරතුරු වාර්තාවේ.
ඒ අනුව සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා ඉන්දීයාවේ භාරත් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම සමග ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය.
මේ අතර ඉන්දියාවේ මූල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනන්‍යතා රාමුව සකස්කිරීම ඔස්සේ මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවේදැයි ඊයේ (22 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. ඊට පිළිතුරු ලබාදුන් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, ඇමැති රමේෂ් පතිරණ සඳහන් කරන ලද්දේ,
මෙහිදී ශ්‍රී ලාංකිකයන් පිළිබඳ කිසිදු පෞද්ගලික තොරතුරක් හෝ දත්තයක් ඉන්දියාවට ලබාදීමක් සිදු නොවන අතර, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉන්දියාවෙන් මූල්‍යාධාර ලැබීම පමණක් සිදුවන බවත්ය.
මිට අමතරව ශ්‍රී ලංකාවේ ධීවර වරාය සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පේදුරුතුඩුව, පේසාලේ, ගුරුනගර්, බලපිටිය සහ වෙනත් අන්‍යෙන්‍ය වශයෙන් එකඟ වනු ලබන ස්ථානයන්හි ධීවර වරායන් සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජයේ ආධාර හිමිවනු ඇත.