ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ගෝඨා අර්බුද නිසා වැඩේ අතාරිනවා… මහින්ද දැන් අක්‍රීයයි… බැසිල් උවමනාවෙන් අර්බුදය වැඩිකරලා බොරදියේ ගේමක් ගහනවා – එළියට විසිවුණු විමල් දැන් කියන කතාව මෙන්න

‘තනතුරු වලට වඩා අපේ හෘද සාක්ෂිය වටිනවා. ඒ අනුව තමා වෙනදේ කිවේ.. කිව්ව නිසා ඇමතිකම් අහිමි වුණා.දේශාපාලනයේ මං කෘතගුණසැලකීම් ලබන්න බලාපොරොත්තු වන කෙනෙක් නෙමේ. අපට මීට වඩා ඉහළ තනතුරු ඉල්ලන්න කියල කියන්න ගියෙත් නැහැ‘. යැයි විමල් වීරවංශ පවසයි.
බැසිල් 2015 ජනවාරියෙන් පස්සේ පැදුරටත් නොකියා පළා ගිහින් අපි මහින්ද සුළග පටන්ගන්න කොටම නැවත ආවා. ඇවිත් හිරේ හිටියා . හිරේ හිටියා කියල හිටියෙත් කොළඹ මහ රෝහලේ ගෙවන වාට්ටුවක ඒක සිරගතවීමක්මත් නෙමේ.
එයාට ඕනවුනේ මේ බලවේගය එයාගෙ අතට ගන්න. එවකට හිටි ජනපතිගෙන් එයා විපක්ෂ නායකකම ඉල්ලුවා. එදා ඔහු පළා ගියා. ඔහුට බල ව්‍යාපෘතියක් තියෙනවා. ඔහුට අවශ්‍ය ඇමරිකාවේ පුරවැසියෙකු ලෙස විශ්‍රාම සුවය හොඳින් ගත කරන්න.
ඒ සඳහා එක් පැත්තකින් ඔහු ඇමරිකානු දේශපාලන උපාය අනුව වැඩකරන්න ඕන. ඒවගේම ඔහු දැන් දෙවනුව හිතනවා මේ අර්බුදය උත්සන්න වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මේක අතඇරල යයි කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා දැනටත් ඉන්නෙ ටිකක් අක්‍රීය මට්ටමකට වැටිලා. ඒ අනුව ඔහු හිතනවා මේ රාජ්‍ය පාලන සුක්කානම තමන් අතට ගන්න.

එහෙම අරගෙන ඔහුගේ විශ්‍රාම සුවය සුවසේ ගත කිරීම සඳහා දේවල් උපයන්න.උදාහරණ විදිහට මේ මාසෙ එනවා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් නැවත එම්සීසී ගිවිසුම බැසිල් ලවා ක්‍රියාත්මක කරවන්න. මේ දවස්වල මිනිසුන්ට තියන ගෑස් විදුලි නොයෙකුත් අර්බුද මැද්දේ එම්සීසී විරෝධය දුර්වලයි. ඒනිසා ඔහුට ලේසියෙන් ඒවා ඉටුකරදෙන්න පුළුවන් වෙනවා. ඔහු අර්බුදයේ ඝෝෂාව මැද තමන්ගේ ඉන්දු ඇමරිකන් උපාය මාර්ග වලට අවශ්‍ය දේවල් ඉටු කිරීම තමාදැන් වෙන්නේ.‘
සම්පූර්ණ විස්තරය වීඩියෝව පහතින්