බළලා මල්ලෙන් එළියට..! විමල්ට සහ ගම්මන්පිලට විපක්ෂයේ භූමිකාව රඟපාන්න බාරදීලා..! ගාමිණී ලොකුගේ කියයි.. වීඩියෝව මෙන්න
“විපක්ෂයට මුහුණ දෙන්න වෙයි දැන් අපේ අලුතින් ඇතිවන විපක්ෂයට“ යැයි විමල්ට සහ ගම්මන්පිලට රාජපක්ෂ කදවුරෙන් අලුතෙන් බාරදුන් වගකීම පිලිබදව නව බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ පැහැදිලි කරයි.
ඔහු මේ බව පවසන්නේ අද සවස නව කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගු පැනයකට පිලිතුරු ලබාදෙමිනි.
මීට පෙරද 2015 මහ මැතිවරණයෙන් මහින්ද – මෛත්‍රී ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය ජයග්‍රහණය කිරීමෙන් පසු ඉන් කොටසක් එජාපය සමග එකතුවී ආණ්ඩුව පිහිට වු අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඒකාබද්ධ විපක්ෂය ලෙස වෙනම විපක්ෂයේ අසුන්ගන්නා ලදි.
මේ මොහොතේද වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් ප්‍රබල විවේචනයක් සහ බිම් මට්ටමේ ප්‍රබල විරෝධයක් එල්ලවෙමින් පවතින නිසා ආණ්ඩුවෙන් ඉවත්වෙන බලවේග සහ පොදුජන පෙරමුණට ජන්දය ලබාදී දැනට කලකිරීමට පත්වී සිටින පිරිස් සැබෑ විපක්ෂයට එකතුවීම වැලැක්වීම සදහා මෙලෙස විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට මෙන්ම පක්ෂ 11 කණ්ඩායමට එය බාරදී ඇති බව පෙනී යයි.
අද දින සිදුකරන ලද හදිසි කැබිනට් සංශෝධනයේ යටි අරමුණ මේ අනුව ගාමිනී ලොකුගේ ගේ මෙම ප්‍රකාශය හරහා එළියට පැමිණ තිබේ. එම වීඩියෝව පහතින්වේ.