ක්ෂණික ඇමතිකම් වෙනසේ ගාලගෝට්ටි..! දිනේෂ්ට කර්මාන්ත බෑ කියා බාල්දියක් පෙරලා පිටව යයි..! අධ්‍යාපන ඇමති වෙන්නට ආ එස්.බී කර්මාන්ත භාරගනී..!
අද (3) සවස සිදු කළ ක්ෂණික කැබිනට් මණ්ඩල සංශෝධනයට දිවුරුම් දීමට පිරිස් කැදවූ අවස්ථාවේ ඇතිවූ මතගැටුම් හේතුවෙන් ඇමතිධූර 5 ක් වෙනස් කරන්නට යාම වෙනුවට 3 ක් පමණක් දිවුරුම් දී අනෙක්වා කල් දමා ඇති බව දේශපාලන ආරංචි වාර්තා කරයි.
විමල් වීරවංශ හා උදය ගම්මංපිල යන අයගේ ඇමති ධූර පිළිවෙලින් දිනේෂ් ගුණවර්ධන හා ගාමිණී ලොකුගේට ලබාදෙන්නට ගියත් දිනේෂ් ඊට අතමැතිවී තිබේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ධුරය භාර ගැනීමට පැමිණි එස්.බී දිසානායකට විමල් වීරවංශ ඉවත් කිරීම නිසා පුරප්පාඩු වූ කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට සිදු වී ඇත.
කර්මාන්ත අමාත්‍ය ධුරයට ජනාධිපතිවරයා විසින් නම් කර තිබුණේ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනය. දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යාංශයට පත් කළේ විදේශ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙනි.
මෙම කැබිනට් සංශෝධනයේ දී ඔහුව අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට අද සවස කැඳවා තිබේ.
එහෙත් දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම ප්‍රතික්ෂේප කර පිටවී ගොස් ඇත.
අනතුරුව අධ්‍යාපන ඇමතිකම භාර ගැනීම සඳහා බලාපොරොත්තු සහිතව පැමිණි එස්. බී දිසානායක කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.
මෙම වෙනස්කම් හුදු දේශපාලන හේතු මත මිස සුදුසුකම් හෝ එම ධූර දරන්නට ඇති හැකියාව පදනම් කරගත් ඒවා නොවන බව බැලුබැල්මට පෙනෙන්නට තිබේ.
ඊයේ පැවැත්වූ ‘මුළු රට හරිමගට’ දේශපාලන රැස්වීමේදී විමල් දරුණු ලෙස බැසිල්ව විවේචනය කිරීම මෙම පෙරළියට හේතුවූ අතර එම කතා පැවැත්වූයේද මෙවන් ප්‍රත්ඵලයක් අපේක්සාවෙන් බවට විමල් පාර්ශ්වයෙන් ආරංචි ලැබෙමින් පවතී.
මේ අතර මෙම කන්ඩායමට එක්වන්නට නියමිතව සිටින ඇමති වාසුදේව නානායක්කාරද සිය ජලසම්පාදන ඇමති ධූරයෙන් අද රාත්‍රී ඉවත්වනු ඇති බවට දේශපාලන ආරංචි වාර්තා කරයි.