ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නුවරඑළියේ සංචාරයකට පැමිණි අඹුසැමි යුවළක් නවාතැන්පොළකදී මිය ගිහින්

නුවරඑළියේ සංචාරකයක් සඳහා පැමිණි අඹුසැමි යුවළක් නුවරඑළිය, කළුකැලේ ප්‍රදේශයේ නවාතැන්පොළක කාමරයක් තුළ අද (පෙබ. 27) අලුයම මිය ගොස් සිටියදී හමුවූ බව නුවරඑළිය පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කුරුණෑගල, ගොකරැල්ල, නැකන්න ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු සහ 58 හැවිරිදි කාන්තාවකි.

මිය ගිය අඹුසැමි යුවළ පවුලේ සමාජිකයන් සමග අදාළ නවාතැන්පොළේ ඊයේ (පෙබ. 26) දින මධ්‍යම රාත්‍රිය තෙක් ”බාබකියු” සාදයක් පවත්වා ඇති අතර පසුව  පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් ”බාබකියු” උඳුන සිය කාමරයට රැගෙන ගොස් තබා නින්දට ගොස් තිබේ.

අඹුසැමි යුවළ අද අලුයම අවදි නොවීම හේතුවෙන් පවුලේ සාමජිකයන් ඔවුන් දෙදෙනා රැඳී සිටි කාමරය විවෘත කර සොයා බැලූ  අවස්ථාවේදී ඔවුන් දෙදෙනා ම මිය ගොස් ඇති බවට සොයා ගෙන ඇත.

”බාබකියු” උඳුනෙන් පිටවූ විෂ දුමාරය ආග්‍රහණය වීමෙන් ඔවුන් දෙදෙනා මිය යන්නට ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය සැක කරන බව අප වාර්තාකරු පැවසීය.

නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂාවෙන් පසු මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නුවරඑළිය පොලිසිය වැඩිදුරට ත් පැවසීය.