ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlidervariety

රුසියානු යුද ටැංකි වලට යුක්‍රේන වැසියන්ගෙන් කොක්ටේල් බොම්බ ප්‍රහාර (වීඩියෝ)

රුසියානු හමුදා සිකුරාදා යුක්රේන අගනුවර වන කියෙව් වටකර වසා දැමූ අතර, යුද ටැංකි නගරය වටලා  “අමාරුම දවසක්” අපේක්ෂා කරන බවට නිලධාරීන් අනතුරු අඟවා තිබුණි. යුක්රේන හමුදාව සතුරන් උදාසීන කිරීමට” Molotov කොක්ටේල් සාදන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියහ.

නගරයේ මිලියන තුනක පදිංචිකරුවන්ගෙන් ඉතිරි වූවන් – ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උමං දුම්රිය ස්ථානවල රාත්‍රිය ගත කළෝය – ගුවන් ප්‍රහාර සයිරන් වල නොනවතින ශබ්දයෙන් අවදි වූහ.
මිලිටරි වාහන සහ ටැංකි නිතිපතා වෙඩි තැබීම් සමඟ නගරය හරහා පෙරළෙන අවස්ථාව බලා ඔවුහු විවිධ රසායන කවලම් කර බෝතල්වල සකස් කළ ‘කොක්ටේල්‘ බෝම්බ සතුරු යුද ටැංකි වෙත එල්ල කළහ. ඉතා සාර්ථකව රුසියානු යුද ටැංකියකට නගරවැසියන් කොක්ටේල් බෝතල බෝම්බ වලින් බාධා ඇති කළ අයුරු පහත වීඩියෝවේ දැක්වේ.