ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ගෝඨාභය පාලනය සමාජය තුළ දූෂණය හා භීෂණය හිස ඔසවමින් තියෙනවා – කාදිනල් හිමි

වර්තමාන ගෝඨාභය රාජපක්ෂ පාලනය තුල දී රට තුළ දූෂණය සහ භීෂණය වැඩිවෙමින් පවතින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. උන්වහන්සේ පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා ජනතාව ධාර්මිකව කටයුතු කිරීමට පෙළඹිය යුතු බවය.

කළුතර සිරිකුරුස දේවස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම අදහස් පළ කළේය.

“බලන්න අද අපේ ශ්‍රී ලංකාව තුළ සාමාජය තුළ විවිධාකාර විෂමතා අපි දකිනවා. මිනී මැරුම්, හොරකම්, අයුක්තිය, ආසාධාරණය නීතියක් නැතිකම බලවතුන්ට තිබෙන විශේෂ වරප්‍රසාද දුෂණය භීෂණය, මේ වගේ දෙවල් සාමාජයේ ආයමත් සැරයක් හිස ඔසවාගෙන එන කාලයක්. අපිට උදාවෙලා තියෙනවා. ක්‍රිස්තු භක්තිකයන් හැටියට අපේ යුතුකම මේක වෙනස් කිරීමට කටයුතු කිරීමයි. යහපත් දේ විතරක් තොරා ගැනීමට කටයුතු කිරීමයි. කරන කියන හැම කාරණාවකදීම මේ දේ කරනවා නම් අපි මේක අපේ ජීවිතයේ යා කිරීමේ කොටසක් බවට අපට හරවා ගන්නවා නම් අපේ ජීවිතය තුළින් සාමාජය වෙනස් කිරීමට පුළුවන් වෙනවා. ඒක තමා අපේ වගකීම.”