ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කිලෝ මීටර් 20කින් කෝටි 16,440ක ජොන්ස්ටන්ගේ අධිවේගී ගැහිල්ලක් වසන්ත හෙළිකරයි (වීඩියෝ)

* හම්බන්තොට වරායට වැයවූ මුදලටත් වැඩියි

* බැඳුම්කර වංචාව මෙන් දහගුණයක්

*මහාමාර්ග අමාත්‍යාංශය කැබිනට්ටුවත් නොමග යවලා

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට රඹුක්කන දක්වා කිලෝ මීටර් 20 ක් ඉදිකිරීමේදී රුපියල් කෝටි 16440 ක මුදල් වංචාවක් සිදු කිරීමට පිඹුරුපත් සකස් කර ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ :20 දාෆ අනාවරණය කළේය.

මෙම කිලෝ මීටර් 20 ඉදිකිරීමට කටයුතු කළහොත් හම්බන්තොට වරාය සහ නෙළුම් කුලූන ඉදිකිරීමට වැයවූ මුදලට සමාන බවද දෙහිවල නගර සභා පටුමගේ පිහිටි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වසන්ත සමරසිංහ මහතා පැවසීය.

මහ බැංකු බැඳුම්කර වංචාව 2015 පෙබරවාරි 27 වැනිදා සිදුකර 2022 පෙබරවාරි 27 ආසන්න වන විට වසර හතක් ගතවන විට මහ බැංකු වංචාව මෙන් දසගුණයකටත් වඩා වංචාවක් කිලෝ මීටර් 20 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය හරහා සිදුවන බවද ඒ මහතා කීයග වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට රඹුක්කන දක්වා කිලෝ මීටර් 20 ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළාග ඒ සඳහා චීන සමාගමක් සහ ලංකාවේ කොන්ත‍්‍රාත් සමාගම් ඒකාබද්ධව සකස් කළ සමාගමක් ටෙන්ඩර් ඉදිරිපත් කළාග මේ ටෙන්ඩර් දෙක සම්බන්ධයෙන් පසුවිපරම් කර චීන සමාගම ඉවත් කර තිබෙනවා.

චීන සමාගම කිලෝ මීටර් 20 ඉදිකිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 1050 ක ලංසුවක් ඉදිරිපත් කර තිබෙන විට මෙරට සමාගම ඩොලර් මිලියන 1872 ක ලංසුවක් ඉදිරිපත් කර තිබෙනවාග චීන සමාගමට වඩා ඩොලර් මිලියන 822 ක් වැඩියි. සාමාන්‍යයෙන් මෙරට සමාගමක් ටෙන්ඩරයට ඉදිරිපත් වීමේදී විදෙස් සමාගමකට වඩා අඩු මුදලක් ඉදිරිපත් කරන්නේ.

අඩු මුදලක් ඉදිරිපත් කර තිබෙන චීන සමාගම ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ පළපුරුදු ආයතනයක් වුවත් එම සමාගම ප‍්‍රතික්‍ෂේප කර මෙරට සමාගමට ටෙන්ඩරය දීම නිසා ඩොලරය රුපියල් 200 ක් ලෙස ගණනය කළහොත් රුපියල් කෝටි 16,440 කට අධික වෙනවාග ඒ කියන්නේ රුපියල් බිලියන 164 ක්ග හම්බන්තොට වරාය ඉදිකිරීමටත් වැයවුණේ රුපියල් බිලියන 145 යි.

මෙරට සමාගමට අනුමැතිය ලබා ගැනීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයත් නොමග යවා ඇති බව කැබිනට් පති‍්‍රකාව නිරීක්‍ෂණය කිරීමේදී පෙනී යනවාග අඩුම ගානේ මෙම ටෙන්ඩරය ලබාදීමේදී නීතිපතිවරයාගෙන්වත් උපදෙස් ගන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවාග කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවේ මෙය රුපියල් බිලියන 82 කින් කරනවයි කියලා තියෙනවා.

මේ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් සියලූම ලිපි ලේඛන දූෂණ විරෝධී හඬ සංවිධානයට ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී අල්ලස් හෝ දූෂණ කොමිසමටත් අධිකරණය හමුවටත් යෑමට අපි කටයුතු කරමින් සිටිනවා යැයිද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.