ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‌ “බොරු කතා කියන්න ඒපා.. දළු කිලෝ 500 කඩපු අපි 200යි දැන් කඩන්නේ..” ජනාධිපති සමග තේ ගොවින් මුහුණුට මුහුණ ගැටේ.. පොහොර ඉල්ලා කෑ ගසයි.. වීඩියෝව මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තේ ගොවීන් අතර සිදුවන උණුසුම් සංවාදයක වීඩියෝවක් සමාජ ජාලාවන්හි මේ වනිට සංසරණය වෙයි.

තේ වගාව සඳහා පොහොර සහනාධාරය හෝ අඩු මිලට පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් එම ගොවියන් ජනාධිපතිවරයා සමග උණුසුම්ව අදහස් පල කරයි. පොහොර නොමැති වීමෙන් තම අස්වැන්න විශාල වශයෙන් පහත බැස ඇති බවත් ගොවියා කියා සිටී.

ජනාධිපතිවරයාට අදහස් ඉදිරිපත් කිරීමටවත් ඉඩ නෙතබා ‌ “බොරු කතා කියන්න ඒපා.. දළු කිලෝ 500 කඩපු අපි 200යි දැන් කඩන්නේ..” යනුවෙන් ඒක් පුද්ගලයෙක් ඉතා ආවේගයෙන් කියා සිටින අයුරු දැකගත හැක. ඒමෙන්ම නොමිලේ නැතත් සාධාරණ මිලකට පොහොර ලබාදෙන ලෙසද ඔහු පවසයි.

නමුත් ජනාධිපතිවරයා පවසන්නේ වසර දෙකක් නොමිලේ පොහොර දුන් බවත් ඒම නිසා අස්වැන්න අඩු වීමට කිසිදු හේතුවක් නොමැති බව පවසමින් ඔහුගේ සුපුරුදු යම් දෙයක් පිලිගැනීමට ඇති අකමැති ස්භාවය මෙහිදීද ඉස්මතු කරමින් උස් හඩින් කතා කරමින් තමන්ගේ මතය තහවුරු කිරීමට උත්සාහ කරන අයුරු පෙනී යයි.