බැසිල්ගේ ‘කපුටාස්’ කතාවේ කිසිම වරදක් නෑ.. ලංකාවට ගැලපෙන්නේ බැසිල්ගේ ඉංග‍්‍රීසි තමයි – මහින්ද පතිරණ ඇදගෙන නාගනී
ශ්‍රී ලංකාවට ගැලපෙනම ඉංග්‍රීසි භාෂා ක්‍රමය බැසිල් රාජපක්ෂ මහතා භාවිතා කරන ක්‍රමය බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි. ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන විට බොහෝ දෙනෙකු දේශීය භාෂාෙවන් ද ඇතැම් වචන යොදා ගන්නා බවද හෙතෙම පවසයි.
මේ ආකාරයෙන් ඉංග්‍රීසි භාවිතා කරන්නන් තමන් දැක ඇත්තේ දෙදෙනෙක් බවත් එක් අයෙක් විශ්වවිද්‍යාලයක කුලපතිවරයෙක් බවත් අනෙක් පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බවත් හෙතෙම පෙන්වා දෙයි.
ඔහු මේ අදහස් පල කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් පළකරමිනි.
කෙසේ වෙතත් මේ වනවිට ඇමරිකන් පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ මහතාගේ කතාව පිලිබදව සමාජජාල තුල බරපතල සංවාදයක් මතුව තිබේ. ඊට මැදිහත්වී බැසිල් රාජපක්ෂගේ මෙන්ම පොහොට්ටුවේ ඕනෑම ජඩ වැඩක් සාධාරනීකරණය කරමින් බුකියේ ලියන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ සමාජ මාධ්‍ය තුල මෙවරද දැඩි හාස්‍යයට ලක්වෙමින් සිටී


බැසිල් රාජපක්ෂ මහතාගේ වීඩියෝව මෙතනින් – https://www.facebook.com/duishen71/posts/383992516868578?cft[0]=AZVzrn1n2RaCsNjwbi_7eH-V-