ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

චමුදිත ඔයා පරෙස්සම් වෙන්න.! ආරක්ෂාවක් රජයෙන් බලාපොරොත්තු වෙන්න එපා.! මේ වගේ ප්‍රහාර එල්ලවුණේ මහින්ද පාලනයේ වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් ලෙස වැඩ කරන කාලෙදීයි – උපාලි තෙන්නකෝන් ඇමරිකාවේ සිට කියයි

පසුගියදා සිය නිවස ප්‍රහාරයකට එල්ල වූ චමුදිත සමරවික්‍රම මහතාට රජයේ ආරක්ෂාව ඉල්ලුවත් ඒ ලැබෙන ආරක්ෂාව පිළිබඳව විශ්වාසයක් තබා ගැනීම අසීරු බැවින් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීම වඩාත් සුදුසු බව තමන් විශ්වාස කරන බව මීට වසර 13කට පෙර මැර ප්‍රහාරයකට ලක් වූ ප්‍රවීණ පුවත් පත් කතුවරයකු වන උපාලි තෙන්නකෝන් මහතා පවසයි. දැනට ඇමෙරිකාවේ ජීවත් වන තෙන්නකෝන් මහතා මාධ්‍යවේදී සුජීව නිවුන්හැල්ල සමඟ යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් තවදුරටත් සඳහන් කළේ තමන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ප්‍රහාරයකට ලක්වූ අවස්ථාවේ මුහුණ දුන් අත්දැකීම් මත තමන් එසේ විශ්වාස කරන බවයි.
උපාලි තෙන්නතෝන් මහතා ප්‍රහාරයකට ලක් වූයේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ 2009 වසරේ ජනවාරි මාසයේදීය. ඒ රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී උදෑසන රාජකරියට යමින් සිටියදී නිවස ඉදිරිපිට දීම මැර පිරිසක් ඔහුට ප්‍රහාරයක් එල්ල විය. එයින් පසුව දැනට ඇමෙරිකාවේ ජීවත් ව සිටි තෙන්නකෝන් මහතා චමුදිත සමරවික්‍රමගේ ප්‍රහාරය සම්බන්ධයන් අදහස් දක්වා තිබුණේ මෙසේය.
“ චමුදිතට එල්ල වූ ප්‍රහාරය වගේම පසුගියදා සුදත්ත තිලකසිරි මාධ්‍යවේදියා සම්බන්ධයෙන් ඇති වුණු තත්ත්ව ගැන ම අවධානයෙන් සිටියා.ඇත්තටම මේ ක්‍රියාවලදී රජයට ලෙකු වගකීමක් කිබෙනවා. මේ වගේ ප්‍රහාර මෑත කාලයේ එල්ල වුණේ රාජපක්ෂවරුන් පාලනය කරන කාලෙයි. මට ප්‍රහාරය එල්ල වුණේ ලසන්ත වික්‍රමතුංග මැරුණේ පෝද්දල ජයන්තට, කීත් නොයාර් ට පහර දීම් වුණේ සිරසට ලංකා ඊ නිව්ස් එකට සියතට ගැහුවේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති ලෙසත් වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ම්වරයා ලෙසත් වැඩ කරන කාලෙදීයි.
මේවා රටක විය යුතු දේවල් නෙවෙයි. මේ පාලන කාලේ සිදුවනවිට මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක්. මේකට රජය වගකියන්න ඕන. වර්තමාන ජනාධිපතිවරයා බලයට ආවෙත් රටේ ආරකෂාව ගැන කියල. රටේ ආරක්ෂාව කියන්නේ ජනතාගේ ආරකෂාව. රජය මේකෙන් නිදහස් වෙන්න ඕන නම් වැරදි කාරයෝ හොයන්න ඕන. මට ප්‍රහාරය එල්ල කරල අවුරුදු 13ක් තවම හොයල නෑ. අපට තිබෙන්නේ එවැනි තත්වයක්.
චමුදිතත් රජයේ ආරක්ෂාව ඉල්ලන්න යනවා කියල දැක්කා. නමුත් ඔවුන් ඔය කියන ආරක්ෂාව දෙන්නේ නෑ. එහෙම ලබා දුන්නත් ඒ අය දෙන ආරක්ෂාව ගැන කොහොමද විශ්වාසය තබන්නේ. සමහර විට ඒ අය ප්ලාන්ට් කරන ඔවුන්ගේ මිනිස්සු එන්න පුළුවන්. එහෙම වුණාම නිදහස් මාධ්‍ය කටයුතුවලට තවත් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මේ නිසා මම නම් චමුදිතට කියන්න් තමන්ගේ ආරක්ෂාව ගැන තමන්ම බලා ගන්න එක හොඳයි.“
මෙහිදී තෙන්නකොන් මහතා මෙවැනි සිදුවීම්වලදී රටේ සියලුම මාධ්‍යවේදීන් එකාවන් ව එක් විය යුතු බවත් මෙය එක් පුද්ගලයකුට නොව සමූහයට එල්ල වන තර්ජනයක් සේ සලකා ක්‍රියා කළ යුතු බවත් අවධාරණය කළේය.

එමෙන්ම උපාලි තෙන්නකොන් මහතා ප්‍රකාශ කරන ආකාරයට පසුගිය 2005-2015 අතර මහින්ද රාජපක්ෂ පාලන කායේ සිදුවු කිසිදු ඝාතකයක, අතුරදහන් කිරීමක හෝ පහරදීම මෙන්ම මාධ්‍ය ආයතන වෙත එල්ල වු ප්‍රහාරයන් පිලිබදව මෙතෙක් කිසිවෙකුට යුක්තිය ඉටුවී නොමැත.