බොරැල්ලේ අත්බෝම්බය: ඕෂල හේරත් පියාගේ ජීවිතය යදිමින් ජනපතිගෙන් සමාව ඉල්ලයි
බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා සිටින විශ්‍රාමික වෛද්‍යවරයා පිළිබඳව ඔහුගේ පුත්‍රයා වන ඕෂල හේරත් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ටිවිටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා සිය ට්විටර් පණිවිඩය මගින් ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර ඇත්තේ, තම පියා වන ෂර්ලි දයානන්ද හේරත් මහතාගේ ජීවිතය බේරා ගැනීමට පරම බලය ඇති එක ම පුද්ගලයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව ය.
නීතිඥවරුන්ට ප්‍රවේශ විය නොහැකි අයුරින් තම පියා රඳවාගෙන සිටින බව ද පෙබරවාරි 6 වන දා නිකුත් කළ අදාළ ට්විටර් පණිවිඩයේ ඔහු සඳහන් කර තිබේ.
ඕෂල හේරත් මහතා තවදුරටත් සිය පණිවිඩයේ සඳහන් කර ඇත්තේ, අතීතයේ තමන් අතින් යම් අයුරකින් වරදක් වූයේ නම් ජනාධිපතිවරයාගෙන් ඊට සමාව ඉල්ලා සිටින බව ය.
තමන් කරන මෙම ඉල්ලීමේ කිසිදු දේශපාලනයක් නොමැති බව ත් එක ම අවශ්‍යතාව තම පියාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම බව ත් ඔහු සඳහන් කර ඇත.
“ඔහු විශ්‍රාමික වෛද්‍ය නිලධාරියෙකු වන අතර වයස අවුරුදු 75ක දුර්වල සහ විවිධ රෝගවලින් පෙළෙන අයෙකි. ඔහු පොලිස් අත්අඩංගුවේ සිට පණපිටින් නොඑනු ඇතැයි අපි කනස්සල්ලට පත්ව සිටිමු. ඔහු නොකළ අපරාධයක් කළ බවට පාපොච්චාරණය කිරීමට ඔහුට බල කර ඇති බව අපි විශ්වාස කරන අතර අනෙක් අය ද මෙම අපරාධය කළ බවට පාපොච්චාරණය කර ඇති බව පොලිසිය මීට පෙර පවසා ඇත.”

ඕෂල හේරත් මහතා සිය ට්ව්ටර් සටහනේ වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, මේ සඳහා මැදිහත් වී තම පියාගේ මූලික අයිතිවාසිකම් තහවුරු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ත් පොලිසිය විනිවිදභාවයෙන් හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බවට සහතික වන ලෙස ත් ය.
HE @GotabayaR, Sir u r the only person with absolute power to save my father’s life For 20 days he is detained without lawyers access I am sorry if I have offended you in anyway in the past There is no politics in this request. We only want to save my father’s life. #SaveDrHerath— Oshala Herath (@OshalaHerath) February 6, 2022