එක් ඇමතිවරයෙක්ගේ නිවසේ ජල බිල්පත ලක්‍ෂ විස්සයි – මැති ඇමතිවරුන් 30 ක් ජල බිල්පත් ගෙවා නැහැ
මැති ඇමතිවරුන් විශාල ප්‍රමාණයක් තම ජල බිල මේ දක්වා ගෙවා නොමැති අතර එක් ඇමතිවරයෙකුගේ හිග බිල්පත රුපියල් ලක්ෂ 20 ඉක්මවන බවද ජල සම්පත් මණ්ඩලයෙ ආරංචි මාර්ග හෙලිදරව් කරයි. එම බිල්පත් කඩිනමින් ගෙවන ලෙස දන්වා මෙම සතියේ දී අවසන් නිවේදනද යොමුකර තිබිණි.
ඒ අනුව තවදුරටත් එම බිල්පත් ගෙවීම පැහැර හන මහජන නියෝජිතයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි විෂයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා දැනුම් දී තිබේ.
තම නිල නිවාස වල ජල බිල්පත් මෙතෙක් ගෙවා නැති මැති ඇමතිවරුන් 30 කගේ එම හිග මුදල් මාසික වැටුපෙන් හෝ විශ්‍රාම වැටුපෙන් වෙන් කර දෙන්නැයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
හිග බිල්පත් ගෙවීමට සිටින මැති ඇමතිවරුන් ප්‍රමාණයක් හතලිහක් වන අතර ඔවුන්ගෙන් දස දෙනකු මිය ගොස් ඇති නිසා එම දම දෙනාගේ හිග බිල්පත් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.