ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

වැඩවර්ජන කිරීම තහනම්..! ව්‍යවස්ථාවට වගන්තියක් එක් කිරීමට අධිකරණ ඇමැති සූදානම් වෙයි

ආර්ථික මර්මස්ථානවලට අයත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට වැඩවර්ජනය කිරීමට ඇති අවස්ථාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහනම් කළයුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි පේනවා දෙයි.

ඇතැම් වෘත්තීය සමිති සුළු සිද්ධියකට පවා වැඩවර්ජන කිරීමෙන් ජනතාවට මෙන්ම ආර්ථිකයට වන හානිය අතිමහත් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙවැනි වර්ජන නතර කිරීම සදහා ජනාධිපතිවරයාද මැදිහත් විය යුතු බව අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.

ඊයේ ගුවන් විදුලි නාළිකාවක් සමග සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කොට ඇත.