ජනපති ඊයේ ඉදිරිපත් කළ ප්‍රතිපත්තියක් ගැන බලශක්ති ඇමතිගෙන් අමුතු ප්‍රතිචාරයක්
විදුලියෙන් ධාවනය වන වාහන රටට ගෙන ඒ්මෙන් ඉන්ධන අරපිරිමැස්මක් සිදු නොවන බව සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (ජන. 19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ පිළිබඳ වැඩිදුරට ත් අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“විදුලියෙන් වාහන දුවන්න සකස් කරලා දැන් අපි විදුලි නිෂ්පාදනය කරන්න ඉන්ධන භාවිතා කළා ම ඔය අතරේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ් නිසා අපේ පුනර්ජනනීය විදුලි නිෂ්පාදනයට සමගාමීව තමයි අපි විදුලි වාහන ආනයන කරන්න ඕන. අපි පුනර්ජනනීය විදුලි ප්‍රභවයන්ට නොගොස් අපි විදුලි වාහන ගෙනාවයි කියලා අපේ රටේ ඉන්ධන ආනයනය නතර වෙන්නේ නැහැ. වාහනවලට ඉන්ධන ලබා දීම අඩු වේවි. හැබැයි විදුලි ජනනයට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය වැඩි වේවි. අවසාන වශයෙන් ඉන්ධන ආනයනයේ වෙනසක් සිදු වෙන්නැති වේවි විදුලි වාහන රට ඇතුළට ගෙන ඒ්මෙන් ඉන්ධන අරපිරිමැස්මක් බලාපොරොත්තු වෙනවා නම් ඊට සමගාමීව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට යෑම සිදු කළ යුතු යි.”