අවමගුලක ගුණ කථනයකට උරණවූ පොහොට්ටුවේ ප්රබලයාගෙන් මරණාධාර සමිතියේ සභාපතිට කනේ පහරක්
අවමගුල් උත්සවයක කළ ගුණ කථනයකට උරණවූ වලල්ලාවිට ප්රාදේශීය ප්රබල දේශපාලනඥයකු අමානුෂික ලෙස පහර දුන්නැයි මරණාධාර සමිතියේ සභාපතිවරයා පැමිණිල්ලක් කර ඇත.
වලල්ලාවිට, පොල්ගස්යාය ප්රදේශයේ පදිංචි තිදරු පියකු කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර ඇත .
පහරදුන් බව කියන එම දේශපාලනාඥයාගේ ප්රබල ආධාරකරුවකු ගේ නිවසෙහි පැවැති එම අවමගුලට එම දේශපාලනඥයා සහභාගී නොවීම කනගාටුවට කරුණක් බව පහරකෑමට ලක්වූ පොල්ගස්යාය මරණාධාර සමිතියේ සභාපතිවරයා සිය ගුණ කතනයේ දී ප්රකාශ කර ඇතැයි පැවසේ .
මෙම ක්රියාවට උරනවූ දේශපාලනාඥයාගේ ආධාරකරුවන් දෙදෙනකු එදිනම රාත්රියේ පැමිණිලිකරුගේ නිවසට ගොස් තර්ජනය කර ඇති අතරෙ, පසුදින උදෑසන ප්රදේශීය දේශපාලනඥයා සිය ආධාරකරුවන් සමග පැමිණිලිකරු සේවය කරන තුංදොල තේ කර්මාන්ත ශාලාවට ගොස් බලහත්කාරයෙන් ඉන් ඉවතට ගෙන අවට පිරිස් බලා සිටියදී කනට පහර දී ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලීසිය කියයි.