ColomboXnews

News | Gossip | Political | Entertainment

ArtNewsSlider

රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පියෙක් වන රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට අසූ හතර හැවිරිදි වියේ පසුවූ ඒ මහතා වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලැබුවා.

සිංහල සිනමාවේ අසහාය සටන් නළුවකු ලෙස සලකුණු රොබින් ප්‍රනාන්දු මහතා මිය යන විට පදිංචිව සිටියේ, මහරගම වත්තේගෙදර මාවතේ නිවසේ යි.

ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇති.