ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

1500ට තිබ්බ පොහොර මිටිය දැන් 10000යි

රසායනික පොහොර තහනමට පෙර රුපියල් 1500 ත් 2000 ත් අතර මිලට අළෙවි වූ කිලෝ 50 පොහොර මිටියක් මේ වන විට රුපියල් 10,000 කට ආසන්න මිලකට අළෙවි කරන බව පොහොර ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ආනයනික රසායනික පොහොර ගොවි ජනතාවට දරාගත හැකි මිලකට ලබාදීමට ආනයනකරුවන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ගොවි ජනතාවට හැකි උපරිම සහන සැළසීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.