ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හදිසි ගොඩබෑම් සිදු කළ යානා අයත් සමාගමේ වැඩ නවතා දමයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සකුරායි පෞද්ගලික ගුවන් සේවාවේ මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසනවා.

මෙම පෞද්ගලික ගුවන් සේවාවට අයත් සැහැල්ලු ගුවන් යානා දෙකක් සතියකට අඩු කාලයක් ඇතුළත එන්ජිමේ හටගත් කාර්මික දෝෂ හේතුවෙන් හදිසි ගොඩබෑම් සිදු කළා.

ඒ අතරින් පළමුවැන්න වන්නේ පසුගිය 22 වනදා කළුතර පයාගල ප්‍රදේශයේ වෙරළ තීරයට සිදු කළ හදිසි ගොඩබෑමයි.

පුහුණු වන ගුවන් නියමුවන් දෙදෙනෙකු විසින් පැදවූ එම සැහැල්ලු ගුවන් යානය දෙවුන්දර දක්වා පියාසර කරමින් සිටියදීයි මෙලෙස හදිසි ගොඩබෑමකට ලක්වුයේ.

එමෙන්ම අද දින රත්මලානෙන් ගුවන් ගත වී සීගිරිය බලා ගොස් නැවත කොග්ගලට යමින් සිටී එම ගුවන් සේවාවට අයත් තවත් සැහැල්ලු ගුවන් යානයක් එන්ජිමේ හටගත් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් කිඹුලාපිටිය ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදු කළා.

මෙම සියලු සිදුවීම් සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත අතර ඉන් පසුව අදාල ගුවන් සේවාවේ ඉදිරි මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.