ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කෑගල්ලේදී පොලිසියෙන් අමානුෂික පහර දීමක්(Video)

කෑගල්ල රථවාහන පොලිසියට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකු මහමගදී පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

මේ පුද්ගලයාට පහර දෙන්නේ ඔහු මත්ද්‍රව්‍ය භාවිත කිරීමට ඇබ්බැහි වී ඇති අයෙකු නිසා බවත් උපකාරක පංතිවලට සහභාගී වන ළමුන්ගෙන් කප්පම් ගන්නා බවද අමානුෂික පහරදීම කළ පොළිස් නිළධාරින් පවසා ඇත. හබුඩුගල ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදීයි අදාළ පහරදීම සිදුව ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.