බස් ගාස්තු වැඩි කරන්න ප්‍රවාහන රාජ්‍ය ඇමති එකඟ වූ බව ගැමුණු කියයි
ඉහළ ගිය ඉන්ධන මිලට සමගාමීව බස් ගාස්තු ඉහළ දැමීම සඳහා කළ ඉල්ලීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එකඟත්වය පළ කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. බස් සංගම් සමග ඊයේ (දෙසැ. 21) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ඒ සඳහා සිය එකඟතාව පළ කර ඇත.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, සංශෝධනය විය යුතු බවට එකඟ වූ ගාස්තු සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත දැනුම් දෙනු ලැබ ඇති බව ය.
ඒ අනුව, එළඹෙන බදාදා වන විට නව බස් ගාස්තු පිළිබඳව දැනුම් දීමට හැකි වනු ඇති බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.