ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

”පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය වසන් කරන්නේ ආණ්ඩුව සම්බන්ධ නිසා ද?”

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ”ආණ්ඩුව සත්‍ය වසන් කරන බව” කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රශ්න කළේ, “සත්‍ය හෙළිදරව් කරන්නට උත්සාහ නොකරන්නේ ආණ්ඩුව ඒකට සම්බන්ධ නිසා ද?,” යනුවෙනි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණු කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපතිවරයාට ලිපියක් ලියූ බව ද සිරිල් ගාමිණී පියතුමන් මෙහිදී සදහන් කළේ ය.

මේ පිළිබඳ වැඩිදුරට ත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ සදහන් කළේ ය.

“අපි කිව්වා දප්පුල ද ලිවේරා කියපු කුමන්ත්‍රණ කතාව පිළිබඳව ත් විමර්ශනය කරන්න කියලා. ඒ විමර්ශන කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා ප්‍රසිද්ධියේ කිව්වානේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන් වග කියන්න ඕන කියලා. අපේ ජූඩ් පියතුමා CIDයට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මා මේ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් කරන්න කියලා අද වෙනකම් වෙච්ච දෙයක් නැහැ. 

CIDය ත් නිහඬයි ආණ්ඩුව ත් නිහඬයි මේ CID එක භාරව ඉන්න ඇමතිවරයෙක් ඉන්නවා නේ පොලිසිය භාරව. ඒ ඇමතිවරයා ඇවිල්ලා නොයෙකුත් කතන්දර කියනවා අපි කියන්නේ ඔහුට ඔය කතන්දර කියන එක නවත්තලා CIDයට කියන්න මේ පැමිණිලි විභාග කරන්න කියලා.”