ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මුස්ලිම්-දෙමළ සුවිශේෂී වූ පුද්ගල නීති ඉදිරියටත් පවත්වා ගන්නවා – ඇමති ජී.එල්. මුස්ලිම් රටවල තානාපතිවරුන්ට පොරොන්දු වෙයි

පසුගිය අගහරුවාදා දිනයේ දී විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා, මෙරට සිටින මුස්ලිම් රටවල තානාපතිවරු වෙනුවෙන් රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් පැවත්වා තිබේ. මෙම අවස්ථාව සදහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද සහභාගී වී තිබේ.

මෙම හමුවේදී ශී‍්‍ර ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා උදව් කරන ලෙස අග‍්‍රාමාත්‍යවරයා විසින් මුස්ලිම් රටවල තානාපතිවරුන්ගෙන් ඉල්ලා ඇති බව ද වාර්තා වේ.

ශ‍්‍රී ලංකාව යනු, පුද්ගලයන්ට ඔවුන්ගේ ආගම, ජාතිය හෝ භාෂාව නොසලකා තමන්ගේ අනන්‍යතාවය ප‍්‍රකාශ කරන්නට ඉඩ ලබා දී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බව විදේශකටයුතු අමාත්‍යවරයා මුස්ලිම් රටවල තානාපතිවරුන්ට පෙන්වා දී තිබේ.

ශ‍්‍රී ලංකාව මෙම ගුණාංගය ඉදිරියටත් ආරක්ෂා කරන බවටද විදේශ කටයුතු අමාත්‍ය වරයා පොරොන්දු වී තිබේ.

රට තුළ මුස්ලිම් ප‍්‍රජාවන්ට – දෙමළ සහ උඩරට සිංහල ප‍්‍රජාවන්ට සුවිශේෂ වූ වෙනස් පුද්ගල නීතීන් කි‍්‍රයාත්මක වන බවත්, ඒ තුළින් පෙන්නුම් කෙරෙන්නේ අපේ රට තුළ කි‍්‍රයාත්මක වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පොහොසත් බව යැයි ද විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මේ තොරතුරු වාර්තා කර තිබුණේ අද වෙළද පොලට නිකුත්ව තිබෙන සන්ඬේ ටයිම්ස් පුවත්පතයි.