ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

තොරතුරු කොමිසමට අලුතින් සාමාජිකයන් නම්කරයි

තොරතුරු දැන ගැනිමේ කොමිසමේ නව සාමාජික මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නම්කරනු ලැබ ඇත.

ඒ අනුව විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සාමාජික සාමාජිකාවන් ලෙස නම්කරනු ලැබ ඇත්තේ අභියාචනාධිකරණයේ හිටපු සභාපති රෝහිණී වල්ගම, විවෘත විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශයේ, දේශපාලන හා ජාත්‍යන්තර කටයුතු ඒකකයේ ජ්‍යෙශ්ඨ කථිකාචාර්ය අතුලසිරි සමරකෝන්, නීතිඥ ජගත් ලියනාරච්චි, නීතිඥ ක්‍රිෂාලි පින්ටෝ ජයවර්ධන, යන මහත්ම මහත්මීහු පත් කරනු ලැබ තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම කොමිසම සඳහා නීතිඥ සංගමය, මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධානවලින් නාමයෝජනා පසුගියදා කැඳවනු ලැබු අතර ඉදිරිපත් වූ නාමයෝජනාවලින් මෙම පිරිස තෝරාගනු ලැබ ඇත.