‘කල්ලියකට හරියානම් රට බල්ලට ගියාදෙන්‘ – 1970 ගුවන් විදුලියේ තහනම් වු අමරදේව, සි.ටී ප්‍රනාන්දු, අයිවෝ ඩෙනිස්ගේ අදටත් ගැලපෙන ගීතය
මීට වසර 50කට පෙර පණ්ඩිත් අමරදේවයන් විසින් තනු නිර්මාණය කර සංගීතවත් කල රට බල්ලට ගියාදෙන් ගීතය අදටත් කදිමට ගැලපෙන නිසා මේ දිනවල සමාජජාල තුල නිතර අසන්නට ලැබේ.
බී.ටී මෙන්ඩිස් විසින් ලක්ෂෙට කොඩි චිත්‍රපටය සදහා රචනා කරන ලද මෙම 1970දී එවකට ශ්‍රී ලංකා ගුවන් විදුලිය විසින් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදි.
අමරදේවයන්ගේ සංගීතයට මෙම ගීතය ගායනා කරන්නේ සි.ටී ප්‍රනාන්දු සහ අයිවෝ ඩෙනිස් විසිනි.
රට බල්ලට ගියාදෙන්
ඇත්ත නැත්ත කියන කලට
කට කන්නද අපේ දැන්
මගේ වැඩෙත් හරියානම්
උඹේ වැඩෙත් හරියානම්
කල්ලියටම හරියානම්
ලොක්කො බක්කො හුඟ දෙනෙක්ම
උන්ගෙම මඩි තර කරන්නේ
ඉතින් අපේ නායකයොත්
උන් උන්ගෙම බෙලි කපන්නේ
අපිත් කියල නිකන් ඉදලා
වෙන මොනවද දැන් කරන්නේ
ඉතින් එහෙම රට කාලා
අප කෙරුවෝතින් ඇත්තට
අපොයි අමාරුවේ නේද
දරු මල්ලන් හැම මත්තට
ඒ හින්දම අප විහින්ම
නස්පැත්තිය ළඟා නොකර
මේ රටේම සුබ සිද්ධිය
ඇති කරවමු නොගා කෙකර
රට සරු වී වැඩීයන්
ලොවට නිවට නොවන ලෙසට
කිරි පැණියෙන් පිරීයන්
මගේ වැඩෙත් හරියාදෙන්
නුඹෙ වැඩෙත් හරියාදෙන්
කොයි කාටත් හරියාදෙන්
රට කන හැතිකර රොත්තම
කොනක ඉදන් වඳ කරන්න
පිටත් කරමු අවීචියට
කල්ප ගණන් වධ විඳින්න
( ලක්සෙට කොඩිය චිත්‍රපටය සදහා නිර්මාණය වූ ගීතයක් )
පද රචනය :- බී.ටී මෙන්ඩිස්
තනුව සහ සංගීතය :- පණ්ඩිත් අමරදේව සූරීන්
ගායනය :- අයිවෝ ඩෙනිස් , සී.ටි ප්‍රනාන්දු ඇතුලු පිරිස