ColomboXnews

News | Gossip | Political | Entertainment

CorruptionNewsSlider

කතරගම සංචාරක බංගලාවේ අලුත්වැඩියාවට වැඩිපුර කෝටියක් ගෙවලා

සංචාරක සංවර්ධන අධිකාරිය කතරගම සංචාරක නිකේතනයේ අලුත්වැඩියාව සදහා වසර කිහිපයකට  පෙර වැය කළ  රුපියල් කෝටි තුනකට ආසන්න මුදලින් රුපියල් කෝටියකට වැඩි මුදලක් නොකළ වැඩ කොටසක් වෙනුවෙන් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා)විමර්ශනයක් අරඹා ඇත.

මෙහි වරදකරුවන්ට දඬුවම් දෙන ලෙස මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කමිටුවක්  නිර්දේශ කර ඇතත් මේදක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම පිළිබදවද කමිටුවේ අවධානය යොමුවිය.

සිද්ධියට සම්බන්ධ නිලධාරියාට‍ අවවාදාත්මක ලිපියක් පමණක් නිකුත් කර ඇති බවද  විගණකාධිපතිවරයා මෙහිදී  අනාවරණය  සඳහන් කළේය.