ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පොහොර ගේන්න තීරණය කලත් දැන් අවුල වෙලා ඉවරයි… ගොවියට දැන් වහබොන්න වෙලා තියෙන්නේ – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

රසායනික පොහොර යළි ගෙන්වීමට අවසර දී තිබෙන බව මාධ්‍ය හරහා පැවසුවද එවැන්නක් නිල වශයෙන් දැනුම් දී නැතැයි අද (24)  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

රසායනික පොහොර සඳහා යළි අවසර දුන්නද මේ වන විටත් සිදුවූ හානිය වළක්වා ගැනීමට තව කාලයක් ගතවනු ඇති බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.ගොවියා වෙත සහන දිය යුතු වුවද අවසානයේ ඔවුන්ට ඉතිරි වූයේ අසහනය බවත් දැන් ගොවියන්ට සිදුව ඇත්තේ වස බීමට බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන ලදී.

කෘෂිකර්මාන්තය තුළ අවුල සහගත තත්ත්වයක් ඇතිකර තිබෙන අතර ඊට විෂයභාර අමාත්‍යවරයා වගකිවයුතු බවයි හිටපු  ජනාධිපතිවරයා පැවසුවේ.